වට්ස්ඇප් ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන පරිස්සමෙන්

වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකිරක්ෂා ලබාදීම ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP මුරපද (password) තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් දැනුම්දෙනවා.
ව්‍යාජ වෙඩ් අඩවි ( Fake web),සමාජ මාධ්‍ය, SMS සහ WhatsApp හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධවීමට උත්සහ දරනු ඇති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළා.
ඒ අනුව ඔවුන් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සඳහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබනවා.
විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉල්ලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධකරුවන්ගේ පාලනයට ගනු ලබන අතර එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිත කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතුවල නිරතවනවා.