දේශීය
බලපිටිය රෝහලේ ගින්නෙන් ඖෂධ විනාශවෙයි

බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
ඊයේ (21) සවස 5.45ට පමණ ඖෂධ ගබඩා කර ඇති ගොඩනැගිල්ලේ දුමාරයක් ඇති වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී ගින්න පාලනය කිරීමට උත්සාහ දරා තිබෙනවා.
පසුව ගාල්ල ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කර ඖෂධ රැසක් බේරා ගැනීමට කටයුතු කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.
ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නැහැ.