දේශීය

සීතා ඇතින්නියට වෙඩිතැබූ පුද්ගලයාට ඇප

මහියංගණ පෙරහැර සඳහා රැගෙන ආ සීතා ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබෙනවා.

මාපාකඩ වැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා අද (30) අලුයම වෙඩිතබා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකාර නිලධාරියා මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

වෙඩි වැදුණු 47 හැවිරිදි ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර සිදුකරමින් පවතිනවා.

රබර් උණ්ඩ යොදා සිදුකළ වෙඩිතැබීමකින් මෙම ඇතින්න තුවාල ලබා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button