දේශීය
අසාද් සාලි නිදහස්

මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ චෝදනා පැමිණිලි පාර්ශවයට ඔප්පු කිරීමට නොහැකිවීම නිසා සාලි මහතාව නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළා.