විදෙස්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලය බිඳවැටී රෝහල්, ප්‍රවාහන පද්ධතියට බාධා

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඔප්ටස්හි ක්‍රියාකාරිත්වය බිඳවැටීමෙන් එරට මිලියන ගණනාවක ජනතාවගේ අන්තර්ජාල හා ජංගම දුරකතන සම්බන්ධතා අවහිරවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔප්ටස් සන්නිවේදන ජාලය බිඳවැටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන හා රෝහල් පද්ධතිය අඩාළවූ බවත්, අන්තර්ජාල ගෙවීමේ ක්‍රමවේදය වසා දැමීමට සිදුවූ බව එහිදී වාර්තාවනවා.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම සන්නිවේදන ජාලා සැපයුම්කරුවන ඔප්ටස් සමාගම නිවේදනය කර ඇත්තේ, මිලියන 10කට අධික ජනතාව සහ ව්‍යාපාර දහස් සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බවයි.

කෙසේවෙතත් පැය 12ක දීර්ඝ කාලසීමාවකින් පසු නැවත සිය සේවා යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

ඔප්ටස් සන්නිවේදන ජාලය බිඳවැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති අතර, එය සයිබර් ප්‍රහාරයක් නොවන බවත් වැඩිදුරටත් වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button