විදෙස්

ඔත්තු බැලුවා යැයි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකට චීනයෙන් නඩු

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක වන හිටපු රූපවාහිනී නිවේදිකාවක වන චෙන්ග් ලී සම්බන්ධයෙන් බීජිං අධිකරණයක් විසින් සංවෘත නඩු විභාගයක් පවත්වමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසා තිබෙනවා.

චීන රජය ඇය හිර භාරයේ රඳවාගෙන සිටින්නේ රාජ්‍ය රහස් විදේශයන් වෙත සැපයූ බවට චෝදනා එල්ල කරමිනි.

චීනයේ උපන් ඕස්ට්‍රේලියානු ජාතික චෙන්ග්, 2020 අගෝස්තු මාසයේ ඇය අත්අඩංගුවට ගැනීමට පෙර චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන CGTN හි සේවය කරමින් සිටි බව පැවසෙනවා.

ඇයට එල්ල කර ඇති චෝදනාවල නියම ස්වභාවය හෝ මෙතෙක් හෙළි වී නැති අතර ඕස්ට්‍රේලියානු රජය ඇගේ රඳවා තබා ගැනීම පිළිබඳ නැවත නැවතත් කණස්සල්ල පළ කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා අධිකරණයෙන් පිටත මාධ්‍ය අමතමින් චීනයේ ඕස්ට්‍රේලියානු තානාපති ග්‍රැහැම් ෆ්ලෙචර් පැවසුවේ තමා සහ අනෙකුත් ඕස්ට්‍රේලියානු නිලධාරීන් නඩු විභාගයට ඇතුළුවීම චීනයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

චීන උසාවි බොහෝ විට දෙශපාලනික වශයෙන් සංවේදී ලෙස සැලකෙන නඩු විභාගවල දී පිටස්තරයන්ට සහභාගී වීමට ඉඩ නොදෙන බව මාධ්‍ය වාර්තා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button