මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිමෙන් ඔස්ට්‍රේලියාවට ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඊයේ (07) පැවැත්වුණා.
එම තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කර ගත් ලකුණු ස ංඛ්‍යාව 291ක්.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran නොදැවී ලකුණු 129ක් රැස්කරගැනීමට සමත් වූ අතර, පන්දු 143කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුණා.
අවසානයේ පිටියට පිවිසි රෂීඩ් ඛාන් වේගවත් ප්‍රහාරයක නියැලෙමින් පන්දු 18කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 35ක් රැස්කරගැනීමට සමත් වුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 292කි.
එහිදී ඔස්ට්‍රේලියාවට පන්දුවාර 46යි පන්දු 05ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 293ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා.
ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 128ක් තුළ නොදැවී ලකුණු 201ක් ලබගත්තා.