විදෙස්

ඕස්ට්‍රේලියාව සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කරයි

එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණක් බවයි වාර්තාවන්නේ.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවයි.

මේ අතර විදෙස් රටවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමටද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය වසර කිහිපය තුළදී ඔස්ට්‍රේලියාවේ විදෙස් සංක්‍රමණිකයින් විශාල ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් එරට තුළ නිවාස ගැටලුව වැඩිවී ඇති බවයි.

ඒ අනුව මෙම වසරේ ජුනි මාසය වනවිට ඔස්ට්‍රේලියාවට විදෙස් රටවලින් 510,000ක පිරිසක් සංක්‍රමණයවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button