ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව අවසන් මහා තරඟයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී අද (16) පැවැත්වුණා.

එම තරගය කඩුලු 03ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 212 පමණයි.

ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත් වුණා.

අනතුරුව 5 වැනි කඩුල්ලට දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කළා.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.

ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button