විදෙස්

යුක්‍රේනය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ සිවිල් වැසියන් වීදි බසිති

රුසියානු හමුදා යුක්‍රේනයේ කියෙව් අගනුවරට ප්‍රදේශ කිහිපයකින් ඇතුළුවිමත් සමඟ සිය රට ආරක්ෂා කර ගැනීම සඳහා ආයුධ සන්නද්ධ යුක්‍රේන පිරිමි පුද්ගලයින් කියෙව්හි මුරපොළවල් අසලට පැමිණ සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

එහි දැක්වෙන්නේ ඇතැම් පුද්ගලයින් මඟ දෙපස ඇති ගස් මත සැගවී සටන් කිරීමට සුදානමින් සිටින බවයි.

එමෙන්ම යුධ වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු තරුණයින් රුසියානු යුධ ටැංකි විනාශ කිරීම සඳහා ආයුධද අතැතිව නගරයේ වීදි මත වැතිර සුදානමින් සිටින බව විදෙස් වාර්තා අනාවරණය කරනවා.

යුක්‍රේන හමුදා සෙබළුන්ද යුධ ටැංකිද සමගින් සිරුවෙන් සිටින බව වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button