විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි බවයි.
WWW.UGC.AC.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්පත් යොමුකළ හැකි අතර ඔක්තෝබර් 05වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදී තිබෙනවා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 04 වන දින නිකුත් කරනු ලැබුවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ, විභාගය සඳහා අපේක්ෂකයින් 263,933 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙන බවයි.
මේ අතර, දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වධය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව නව ව්‍යාපෘතියක් ආරම්භ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එහිදී නවක වධය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක්ද හඳුන්වාදී ඇති බවයි.