තාක්ෂණික
Apple සමාගමේ නවතම නිෂ්පාදන එළිදැක්වීම සැප්තැම්බරයේදී

Apple සමාගම විසින් සිය නවතම දුරකථනය එළිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙම අලුත්ම මාදිලි පෙළ එළිදැක්වීම එලැඹෙන සැප්තැම්බර් 12 වැනිදා කැලිෆෝනියාවේ කුපර්ටිනෝහි Apple’s Steve Jobs රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max සහ Apple watch series 9 වෙළදපොලට පැමීණිමට නියමිතයි.