දේශීය

කෝප් කමිටුවෙන් තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මන්ත්‍රීවර​යා ඒ බව සිය නිල X ගිණුමේ සටහනක් තබමි​න් සඳහන් කළා.

එමෙන්​ම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බව මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්​ද ඉල්ලා අස් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button