ආසාත්මිකතාවයකින් සිදුවු තවත් මරණයක්

කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළා.
දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුට ද ලබා දී ඇති බවත් එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19 වන රෝගියා මොහු බවත් වාර්තා වෙනවා.
අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බව ද කෑගල්ල මූලික රෝහලේ බළධාරීන් ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.