දේශීය
කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් තිබී සොයාගෙන තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.