විදෙස්
පිලිපීනයේ භූමිකම්පාවක්

පිලිපීනයේ අද රිච්ටර් මාපකයේ 6.3 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ හේතුවෙන් මැනිලා අගනුවර දුම්රිය මෙහෙයුම් කිහිපයක් නතර කර තිබෙන බව ද සඳහන්.
භූමිකම්පාව හේතුවෙන් මැනිලා හි උස් දුම්රිය මාර්ග තුනේ මෙහෙයුම් නතර කර ඇති බවයි එරට ප්‍රවාහන අමාත්‍යාංශය පැවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21) ගැඹුරින් මුහුදේ සිදු වූ භූමිකම්පාවෙන් පසු කිසිදු ජීවිත හානියක් හෝ විශාල හානියක් වාර්තා වී නොමැති අතර එය අවට පළාත්වලට දැනුණු බව පිලිපීන භූ කම්පන ඒජන්සිය පවසනවා.