විශේෂාංග

ආබාධිත ප්‍රජාවගේ කුසලතා එළි දක්වන්න කලා උළෙලක්

ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී ඊයේ (18) පැවති ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා කුසලතාවයන් එළිදැක්වීමේ කලා උලෙළට එක් වෙමින්.

එහිදී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“අපි පුදුමාකාර විදියට ආත්මාර්තකාමී වෙලා, රුපියල් ශත සත පස්සේ දුවන සමාජයක අවසාන ප්‍රතිපලය තමයි මේ අත්මාර්තකාමීකම.තමන් ගැන විතරක් හිතන රටකට සමාජයකට ඉදිරිගමනක් නැහැ.ඒ නිසාම තමයි අපි අමාත්‍යාංශයක් විදියට ආබාධ සහිත ප්‍රජාවගේ දක්ෂතා, නිපුණතා හා ආකල්පයන් එළි දැක්වීම සඳහා මේ වැනි වේදිකාවක් නිර්මාණය කළේ. නමුත් අපි මේ පිළිබඳව බොරුවට අඩම්බර වන්නේ නැහැ.අපට අවශ්‍ය වුණේ සමාජයට මේ වැනි කණ්ඩායමක් ජීවත් වෙනවා කියලා මතක් කිරීමත්, ඔවුන්ටත් අපි වගේම සියලු අයිතිවාසිකම් සහ සමානතාවයෙන් යුතු ජන කොටසක් ලෙස සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය පණිවුඩය ලබාදීම පමණයි”.

එහිදී ආබාධ සහිත ප්‍රජාව රජයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් 2024 වසරේ සිට රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ ආයතන සමඟ සම්බන්ධවී කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button