විදෙස්
හමුදා සෙබළියක් වන ප්‍රාණ ඇපකරුවෙක්ව බේරාගනී

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක්ව බේරාගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ගාසා තීරයේ ඊයේ (30) සිදුකළ මෙහෙයුමක් අතරතුරදී එම සෙබළියව බේරාගෙන තිබුණු බවයි වාර්තාවන්නේ.
ඔරි මෙගිදිෂ් නම් එම සෙබළිය පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති අතර ඔවුන් බාරයේ තවත් ඊශ්‍රායල සහ විදෙස් ජාතිකයින් 230ක් පමණ සිටින බවයි සඳහන්වන්නේ.
මේ අතර භූමි ප්‍රහාර මගින් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.