නවදිල්ලියේ වායු දූෂණයට විකල්පයක්

ශ්‍රී ලංකාවටද බලපෑම් ඇති කළ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායූ දූෂණය මැඬලීම සඳහා ඉන්දීය විද්‍යාඥයන් නව විකල්පයක් යොදාගැනීමට සැරසෙන බව වාර්තාවනවා.
ඒ, වැසි වළාකුළු සක්‍රිය කිරීම සඳහා වැසි බීජ ඊට මුසු කිරීමයි.
ඉන්දියාවේ කාන්පූර්හි ඉන්දිය තාක්ෂණික ආයතනයේ විද්‍යාඥ මනින්ද්‍රා අග්‍රවාල් සඳහන් කළේ, ලබන 20 වැනිදා වනවිට දිල්ලියේ ඉහළ අහසේ පුළුල් වළාකුළු ආවරණයක් අපේක්ෂා කරන බවත් ඊට වැසි බීජ එක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
සිල්වර් අයඩීන් ඇතුළු ලුණු වර්ග මිශ්‍රණයක් මෙලෙස වැසි බීජ ලෙස වළාකුළුවලට එක් කෙරෙන අතර, වර්ග කිලෝමීටර 100ක ප්‍රදේශයක වළාකුළු සක්‍රිය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටියක් පමණ වැයවන බව සඳහන්වනවා.
මිලියන 20ක ජනගහනයක් වෙසෙන දිල්ලියේ ගුවන් කලාපය දළ වශයෙන් වර්ග කිලෝමීටර 1500ක් පමණවනවා.
ලොව වායු දූෂණය ඉහළම නගරයක් වන නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම සඳහා පාසල් තාවකාලිකව වසා දැමීම, ඉදිකිරීම් අත්හිටුවීම මෙන්ම වාහන භාවිතයට සීමා පැනවීම ඇතුළු පියවර රැසක් ගෙන තිබෙනවා.
දිල්ලියේ වායු දූෂණ මට්ටම අද 506ක් ලෙස සටහන් වූ අතර, එය අනතුරුදායක අගයක්.
වායු දූෂණය සෝදා හැරීමට නම්, දිල්ලියට දැඩි වර්ෂාවක් අවශ්‍ය වන අතර, මද වැස්සක තත්ත්වය එය තවදුරටත් අයහපත් කරනු ඇති බව ඇතැමුන්ගේ අදහසවී තිබෙනවා.
කෙසේනමුත් මෙක්සිකෝව, අමෙරිකානු එක්සත් ජනපදය, චීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් සිය වායු දූෂණය මැඬලීමට මෙන්ම බෝගවලට ජලය සැපයීම සඳහා මීට පෙර කෘත්‍රීම වැසි වැස්වීමේ තාක්ෂණය භාවිත කර තිබූ බව සඳහන්.