සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග ලබාගැනීමට ගිණුමක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කර ඇතැයි හරහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව එම ගිණුම ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර එම ගිණුම හරහා සෞඛ්‍ය පද්ධතියට කෙරෙන පරිත්‍යාග ලබාගැනීමට නියමිත බව පවසනවා.
මේ වනවිට රට තීරණාත්මක පරිච්ඡේදයට මුහුණදී ඇති බවත් එම තත්වය තුළ ලොව පුරා රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධානවල සහය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රටෙහි සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහයෝගය වෙනුවෙන් පරිත්‍යාග ලබාගැනීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ රටෙහි සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග ඔස්සේ සියලු අවශ්‍යතාවන් සම්පුර්ණ කළ නොහැකි වුවද එම අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීම වෙනුවෙන් උපරිම උත්සාහයක යෙදෙන බවය.