දේශීය
		
	
	
පාර්ලිමේන්තු පිවිසුම අසල අනතුරක්

පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන තිබු බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අද (25) උදෑසන 05.30ට පමණ අනතුරට ලක්ව තිබුණා.
රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබුණා.
අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.
පසුව යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනුණේ පැය දෙකකට ආසන්න කාලයකට පසුවයි.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණා.
 
				