දේශීය

IMF වෙතින් ලැබෙන මුදල

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(01) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන්.

එම පහසුකම මාස 48ක් සඳහා ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වන පීටර් බ්රුඅර් සහ මසහීරෝ නොසාකි සැප්තැම්බර් 24 වනදා සිට අද (01) දක්වා මෙරට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එම නිවේදනය නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට “පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ” සඳහා සහයවීමට එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වූ බව සඳහන් වේ.

“නව විස්තීර්ණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසර බව ඇතිකිරීමට උදව් වෙයි. එමගින් රට තුළ මුල්‍ය ස්ථායිතාව ඇතිකරමින් දූෂණ අවදානම අඩුකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන තවත් වර්ධනය කිරීමට උපකාරී වෙයි.”යැයි එහි වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button