දේශීය

බස් ගාස්තු ගැන චෝදනා

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ, ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී ඇත්තේ රුපියලකින් බවයි.

නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 27, 56, 66, 77 ආදී ගාස්තු අය කරන බවත් එම වාසිය බස් හිමියාට හෝ මගී ජනතාවට නොලැබෙන බවත් ප්‍රියන්ජිත් මහතා පවසනවා.

මේ හේතුවෙන් කොන්දොස්තර මහතුන් සහ මගී ජනතාව අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

ඔහු පවසන්නේ, ඒ අනුව අවම ගාස්තුව රුපියල් 25ක් ලෙසත් අනෙකුත් ගාස්තු 55, 65, 75 ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටින බවයි.

මේ පිළිබඳවත් අවධානය යොමු කරමින් මගී ජනතාවට මෙයට වඩා සහන සැලසිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button