Dialog සහ Airtel ඒකාබද්ධ කිරීමට එකඟතාවක්

Dialog Axiata PLC, Axiata Group Berhad සහ Bharti Airtel Lanka (Pvt) Ltd යන පාර්ශව ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට එම සමාගම් අතර එකඟතාවකට පැමිණ තිබෙනවා.
එම සමාගම නිවේදනය කරන්නේ, මේ යටතේ Bharti Airtel Lanka (Pvt) Ltd සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම විසින් අත්පත් කරගෙන ඇති බවයි.
ඒ සඳහා, Dialog සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතයි.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) නිෂ්කාෂණ හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සපුරාලිය යුතු වන බව සඳහන්.
දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
සමාගම් දෙක මෙලෙස ඒකාබද්ධ කිරීමෙන්, පිරිවැය වාසි සැලසෙන අතර, විදුලි සංදේශ යටිතල පහසුකම් ඒකාබද්ධ කර වඩාත් ශක්තිමත් කිරීමට ද හැකි වනවා.
එමගින්, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා, ඇමතුම් හා අමතර සේවාවන් තාක්ෂණිකව වැඩිදියුණු වන අතර, පිරිවැය ඉතිරිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කිරීමටද ඉවහල් වනවා.
අදාළ නිවේදනය පහතින්.
