විදෙස්

තවත් චීන දේපළ වෙළෙද සමාගමක් කඩාවැටීමේ අවදානමක

චීන දේපළ වෙළෙද සමාගමක් වන කයිෂා සමූහ ව්‍යාපාරය සිය ණය ගෙවා ගැනීමට නොහැකිව අවදානමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ මේ හේතුවෙන් කයිෂා සමූහ ව්‍යාපාරයේ කොටස් හොංකොං කොටස් වෙළෙදපොළේ විකිණීමද තහනම් කර ඇති බවයි.

දේපළ අලෙවි නොවීම හේතුවෙන් මේ දිනවල චීනයේ දේපළ වෙළෙද සමාගම් සිය කොටස් හිමියන්ට ඇති ණය සහ ලාභාංශ පියවීමට නොහැකිව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියි.

චීනයේ ප්‍රබලතම සහ විශාලතම දේපළ වෙළෙද සමාගම වන එවර්ග්‍රෑන්ඩ් සමාගම මේ වන විට දැවැන්තම අර්බුදයකට මුහුණ දී සිටින්නේ ඔවුන් විසින් ගෙවිය යුතු ඩොලර් බිලියන 300 ක මුදලක් ගෙවා ගැනීමට නොහැකිවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button