දේශීය

ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කර​ලා

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බව​ට පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පවසන​වා.

ඒ අනුව නවක රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට සහ අධිකරණය සමඟ සාකච්ඡා කර අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button