දේශීය
බන්ධනාගාර රැඳවියෙක් මොළේ උණ වැළඳී මරුට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබෙනවා.
අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා දිනයේ මියගොස් ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවා.
වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මීට පෙරද උණ රෝගය ආසාදිත ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණු අතර එක් රැඳවියෙකු මොලේ උණ හේතුවෙන් මිය ගියා.
ඒ අනුව රැඳවියන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබුණා.