දේශීය

පළාත් පාලන ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම අද සිට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් (18) ආරම්භ වෙනවා.

අද සිට ලබන 21 වනදා දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා .

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 04 වනදා සිට ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා .

මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ගත වූ දිනය තුළ දේශපාලන පක්ෂ 29ක් සහ ස්වාධීන කණ්ඩායම් 52ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා .

ඊයේ (17) පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button