දේශීය
ටිපර් රථයට යටවී තරුණයෙක් ජීවිතක්ෂයට

හලාවත දිගන්වැව ප්රදේශයේ මාර්ගය අසල ට්රැක්ටරයකට ඉන්ධන දමමින් සිටි තරුණයකු මාර්ගයෙ ගමන් කරමින් තිබු කොහු බත් පැටවු විශාල ලොරියකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලීසිය පවසනවා.
මරණයට පත්ව ඇත්තේ හලාවත දිගන්වැව මොරකැලේ 22 හැවිරිදි ජනිදු ධනංජය නම් තරුණයෙක්.
තම පියාට අයත් කුඩා ප්රමාණයේ බැකෝවක් පියාගේම ට්රැක්ටරයකින් ප්රවාහනය කරමින් සිටියදි ට්රැක්ටරයෙ ඉන්ධන නොමැතිව නැවති මාර්ගයේ නැවතී තිබෙනවා.
පසුව ඉන්ධන රැගෙන විත් ට්රැක්ටරයට දමමින් සිටියදී අධික වේගයෙන් පැමිණි කොහු බත් පැටවු විශාල ටිපර් රථය එකවරම මාර්ගයෙන් ඉවතට පැන තරුණයාද යටකරගෙන පෙරළි ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරත් සමග මෙම තරුණයා විසිවි ගොස් කුඩා වලකට වැටි ඇතත් ටිපර් රථයෙ ඉදිරිපස රෝද මෙම තරුණයාගෙ පපුව මතට සිරවි තිබු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.