දේශීය

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ ර​ළු මුහුදු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතු​රු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයේ සඳහන් වන්නේ, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවයි.

එබැවින් මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතීන බව එම නිවේදනයේ සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button