දේශීය

වසරක් කලින් උපාධිය ගන්න ක්‍රමයක්

වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ,දරුවෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාවට විභාගයක්, වෙලාවට ප්‍රතිඵලයක්, වෙලාවට උසස් අධ්‍යාපනයට යා හැකි දොරටු විවෘත වීමක් බවත් නිසා මෙම කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවයි.

දරුවන් උපාධිය කරා ගමන් කරන කාලය වසරක් කලින් අඩු කරගන්නට අපි සාකච්ඡා කළ අතර ඒ අභියෝගය අපි ඉදිරියේදී ජයග්‍රහණය කළ යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button