දේශීය
ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්වන්නේ.
ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.