පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ගන්න අප්‍රෙල් සිට වවුචරයක්

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම ලබන අප්‍රෙල් මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, එය 6 වන ශ්‍රේණියෙන් ඉහළ ළමුන් සදහා ලබාදෙන බවයි.
ඒ යටතේ ලක්ෂ 8කට අධික සිසුවියන් පිරිසකට මෙම පහසුකම සැලසෙනු ඇති බවත් ඒ සඳහා වවුචර පත් ලබාදිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම අධ්‍යාපන විෂය තුළ 6 වසරේ සිට 9 වසර දක්වා විද්‍යාව සහ සෞඛ්‍ය අනිවාර්ය විෂයක් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එහිදී පාසල් පද්ධතිය තුළ ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් වයසට ගැළපෙන පරිදි පාසල් සිසුන් දැනුම්වත් කිරීමද සිදු වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, උසස්පෙළ සිසුන් සඳහා 16+ නමිත් අතිරේක කියවීම් පොතක්ද හඳුන්වාදී තිබෙනවා.
මෙවැනි අතිරේක පොත් මගින් මෙම විෂය සම්බන්ධයෙන් සිසුන් දැනුම්වත් කිරීම සිදුවන අතර වයස අවුරුදු 12-47ත් අතර කාන්තාවන්ගෙන් වැඩි පිරිස නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට වවුචරයක් මගින් ප්‍රමිතිය සහිත සනීපාරක්ෂක තුවා මිලදීගැනීමට අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.