මාතර ගොවි විරෝධතාවයෙන් දැඩි උණුසුම් තත්ත්වයක්

නිල්වලා ගඟ හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන ලෙස ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.
දහසකට ආසන්න ගොවීන් පිරිසක් පලමුව මාතර බෝධීන් වහන්සේ අභියස පැමිණ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඉන් අනතුරුව විරෝධතා පා ගමනකින් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිටට පැමිණියා.
මේ හේතුවෙන් මාතර කොලඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිරවී වාහන ගමනාගමනයට බාධා එල්ලවු අතර පොලීසිය අනෙක් මංතීරුවෙන් වාහන ධාවනය සිදු කළා.
කෙසේවෙතත් එම නීසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබුණා.
නිල්වලා ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි බල කරමින් ගොවීන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කළ අතර තම ගැටලුවට විසදුමක් ලබා දෙන තුරු එම උපවාසය අත් නොහරින බවට ඔවුන් ප්‍රතිඥාවක්ද ලබා දුන්නා.
මේ අතර මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතුවී මහා ජාතික අපරාධයක් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසුවා.
ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් අක්කර දොළොස්දාස් පන්සීයක් විනාශවී ඇති බවත් කන්න නවයකින් ගොවීන්ට එක සත පහක් හෝ ලැබී නැති බවයි.
කතානායකවරයා මෙසේ පැවසුවේ මාතර ලබන බාධකය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇතිවූ අවස්ථාවේදී.