ක්‍රීඩා

පාකිස්තානයට ලකුණු 368ක ඉලක්කයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර තරඟය මේ වනවිට බැංගලෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

පාකිස්තානු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිතව පහර දුන් මිචෙල් මාෂ් සහ ඩේවිඩ් වෝනර්, පළමු කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

මිචෙල් මාෂ් ලකුණු 121ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 163ක් සමඟ ශතක දෙකකින් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව අලංකාර කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහින් ශා අෆ්‍රිඩී ලකුණු 54කට කඩුලු 05ක් දවා දවාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button