ක්‍රීඩා
බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරඟය මේ වනවිට බංග්ලාදේශයේ චිතගොං හි පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී සියලුදෙනා දැවී ලකුණු 235ක් රැස්කර ගනු ලැබුවා.
ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ අතර ඔහු නොදැවී ලකුණු 101ක් රැස් කර ගත්තා.
එම තරගයේදී අර්ධ ශතකයක් සහ ශතකයක් වාර්තා කිරිමට ජනිත් ලියනගේ සමත් වුණු අතර එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.
ඔහුගේ ශතකය පන්දු 101 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.