දේශීය
පළුගස්වැවේ ඉඩමක සැකකටයුතු මරණයක්

පුත්තලම පොලිස් වසමේ පළුගස්වැව ප්‍රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, ඊයේ (04) පෙරවරුවේදී එම සිරුර සොයාගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.