දේශීය
ආනයනය කළ පිළිකා ඖෂධ තොගයක් වරායේ

මෙරටට ආනයනය කළ පිළිකා නාශක ඖෂධ වර්ග 37ක් සතියක පමණ කාලයක් කොළඹ වරායේ බහාලුම්වල රඳවා තැබීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ, අදාළ ඖෂධවලට ගෙවීම් කිරීමට නිකුත් කළ ණයවර ලිපි සඳහා මුදල් නිකුත් නොකිරීම හේතුවෙන්.
මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිනවා.