දේශීය

අරමුදල් නිකුත් කිරීම ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සම්පුර්ණ වසර සඳහාම අයවැය සකස් කර ඇති බැවින් වියදම් සිදුකළ යුත්තේ සැලසුම් සහගතව ප්‍රවේසමෙන් බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ දී ණය මුදල් නොලැබුණ හොත් සංචිතයක් තබාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණ පිළිබඳව නිශ්චිත ඇස්තමේන්තුවක් නොමැති අතර මේ මොහොතේ තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button