විදෙස්

ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න ශිෂ්‍යයින්ට විශේෂ දැනුම්දීමක්

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බව නවතම දත්ත අනූව පෙනීයන පසුබිමකදී ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්​ම සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට කුලි නිවාස වෙළෙඳපොළ තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනයවී ඇති බව වැඩිදුරට​ත් සඳහන්.
  
උපාධිධාරී වීසා සහ ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය තවත් වැඩිකර ඇති අතර ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසන සමාගම් නීති දිගින් දිගටම කැඩුවොත් එම සමාගම්වල කටයුතු අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජයට බලය පවරා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button