දේශීය
අම්බලන්ගොඩ නිවසකට වෙඩි ප්‍රහාරයක්

පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදේශයේ නිවසකට අද (14) අලුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන්කොල්ලා’ නැමැත්තාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
එම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.
එහිදී තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ලවී ඇති අතර, අදාළ සිදුවීම වෙන අවස්ථාවේදී සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇති බවයි වාර්තාවන්නේ.