අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි

මීරිගම-කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ව්‍යාපෘති අධ්යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.
ඉදිකිරීම් නවතා ඇති මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කදඔළුවාව ප්‍රදේශය ආශ්‍රීත ඉදිකිරීම් කොටසක් පසුගියදා කඩා වැටුණා.
මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, මීටර් 35 ක පමණ දිගකින් යුතු කොන්ක්‍රීට් බාල්කයක් පෙරළීමෙන් මෙය සිදුව ඇති අතර තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බවයි.
2021 වසරේ මෙම කොටසේ කොන්ක්‍රීට් බාල්ක සවිකර ඇති අතර බාල්කය පෙරළීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
පවතින අවදානම හමුවේ, කිලෝමීටර් 17 කින් යුත් සමස්ත මාර්ග කොටසේ ඇති සියලු බාල්කවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද, එම අධිකාරිය පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම හමුවේ අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් පසුගියදා නවතා දැමුණා.