දේශීය
සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රතු නිවේදනයක්

අද (10) පස්වරු 12ට පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී s.s .මුදලිගේ මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවයි.
සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් මුදලිගේ මහතා මේ බව සඳහන් කළා
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.
.