දේශීය
දුම්රිය සේවකයින්ට ඇමති බන්දුලගෙන් රතු එළියක්

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) හැටන් දුම්රිය ස්ථාන භුමියේ පැවති හමුවකට එක්වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“මීට පස්සේ දුම්රිය වර්ජනනැ. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. දුම්රිය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් එය සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව ජනතාව පිඩාවට පත්වන ආකාරයෙන් වර්ජනය කළහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා. රටේ නිතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බෑ.”