දේශීය

රනිල්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක්

අද (07) උදෑසන සිට හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 කේම්බ්‍රිජ් ටෙරසයේ පිහිටි නිවස ඉදිරියේ විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා.

ආණ්ඩු විරෝධී සටන් පාඨ ලියූ පුවරු ද ඇතැතිව එම ස්ථානයට මේ වනවිට විරෝධතාකරුවන් රැසක් එක්ව සිටිනවා.

වත්මන් ආණ්ඩුව සමග රනිල් වික්‍රමසිංහ ද ගෙදර යා යුතු බවට පවසමිනුයි මෙලෙස විරෝධතාව පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ වැඩිම වාර ගණනක් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහුගේ නිවස ඉදිරිපිට මෙලෙස විරෝධතාවක් පැවැත්වෙන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ පළමු වතාවට බවයි මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් එම ස්ථානයේ මේ වනවිට රනිල්ට පක්ෂ පිරිසක් ද රැඳී සිටින බවයි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button