දේශීය

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සියදිවි හානි කර ගනී

කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල – මරලු‍වාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (24) රාත්‍රීයේ අදාළ නිවසේ උඩු මහලේ නිදන කාමරයක් තුළ සිය දිවි හානි කර ගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා කුරුණෑගල – ලක්දාස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ.

සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button