ක්‍රීඩා
ශ්‍රී ලංකා කණ්ඩායමට යාපනයෙන් ක්‍රීඩකයෙක්

විජයකාන්ත් වියස්කාන්ත් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩා කරන ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අද සමත් වුණා.
ඒ, චීනයේ Hangzhou හි පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි අර්ධ අවසන් පූර්ව වටයේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල T20I තරඟය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔහු ලකුණු 28කට කඩුලු 1ක් ලබා ගැනීමට සමත් වුණා.