දේශීය

වැලිගම​දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා

වැලිගම උයන්කන්ද ප්‍රදේශයේදී අද (16) පෙරවරු​වේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මියගොස් ඇත්තේ 38 හැවිරිදි මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා සහ සැකකරු සංචාරක හෝටල් දෙකක් පවත්වාගෙන යන අතර අද දින හෝටල් දෙකට යාබදව වෙරළ ආසන්නයේ පිහිටි ගසක් කැපීම හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් සැකකරුගේ බිරිඳ, දරුවන් සහ ඥාතීන් විසින් මරණකරුට පහරදී තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇති අත​ර වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button