දේශීය

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර​ලා

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු​ව අද (16) අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිය නිවස තුළ නිදා සිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button