දේශීය

දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ,ඊයේ (11) රාත්‍රියේ පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදීයි.

පොලීසිය පවසන්නේ, මිය ගිය පුද්ගලයා​ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

ඔ​හු අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකු බවත් උස අඩි 06 අඟල් 04ක් පමණ වන අතර, දම්පාට කොට කලිසමක් හා අළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිටි අයෙකු බවත් පොලීසිය පවසනවා.

මෘතදේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button